ප්‍රේමය යනු පුරුද්දක්.....
සංසාරේ කොහේ දී හෝ තැනක
අපි අපේ වෙලා ඉන්න ඇති.
අතීතයේ කොහේදී හෝ අපි අපට මුණ ගැසෙන්න ඇති.....
සංසාරික වූ ප්‍රේමයේ අහඹු හමුවීම නුඹ වෙන්න ඇති...
අහම්බෙන් හමුවුන තැනදී
ඒ පුරුදු බව නුඹ අත්විදින්නැති...
එයාව මං දැකලා තියෙනවා කියන චිත්ත රූපයේ මතකය අලුත් වෙන්න ඇති...
ඒ හැඟීම රූපයක් පමණක්ම නොව ආත්මය ස්පර්ශ කල මතකයක් වන්නත් පුලුවන්....
අතීතයේ තිබුණ ඒ ප්‍රේමණීය පුරුද්ද කොයිම මොහොතක හරි
හිතට දැනෙණු ඇත...
ඉස්සර ආත්මෙකත් ඔයා මගේ වෙලා ඉන්න ඇති කියලා හිතට දැනෙන්නේ ඔන්න ඔහොමයි...
#සොදුරු අතීතයේ නිමල පැතුම වී
මගේ හද තුල ඔබ ඉන්න ඇතී...
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඇතී.....
#කදුලු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ලග ඉන්න ඈතී...
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඈතී.....
#නොසෑලී නොතෑවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇතී....
ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමු වෙන්න ඇතී....
ප්‍රේමය අවසන් වන්නේ කාසද ජිවතයකින් කියන මතයක් තිබුණද එක වහලක් යටට එකතු නොවී වෙන්වුන තැන් වලත් ප්‍රේමය වඩ වඩාත් රැකුණි...මක්නිසාද යත් දුරින් තියෙනතුරු මලක් වුවත් ලස්සනයි නොලාගත්පසු දකින ලස්සනට වඩා.....
ප්‍රේමය තුල #උත්කර්ෂනයක් නැත්නම් ඔයාලගේ වචනයෙන් #wow එකක් තිබිය යුතුයි....එක පදනම් වන්නේ එකතු වීම හෝ රූපමය බැඳීමක් තුල පමණක් නොවේ, වෙන්වුන තැනද ඔය කියන වාව් එක රැදිය යුතුයි....
දෙදෙනෙකු අතර අනිකා කෙරෙහි ඇති හැඟීම ....මගේනේ මගෙනේ කියලා වචනයෙන් පමණ ක් නොකියා එය හැඟීමකින්ද ප්‍රකාශ කිරිමේ හැකියාව ඇති තැනදීත්....පුරුද්ද වැඩිවෙද්දී ,ප්‍රශ්න වැඩිවෙද්දී ඒ හමුවේ නොසැලී ඉන්න පුලුවන්නම්....හැම බවයකම වගේ ආදරෙන් ඉන්න පුලුවන් වෙයි ..
ජිවිතයට එන ප්‍රශ්න හමුවේ නොසැලී හිටිය හින්දම හැම බවයකම මගේ වෙන්න කියන පැතුම හදේ තියෙන්න ඇති....එකට එක්වන්න බැරිවුන තැනද රැකුණ ප්‍රේමය ලඟ හැම බවයකම නුඹවම පතන්න ඇති....
සියළු බාධක බිඳ වෙරළ කරා ලඟාවෙන රළ සේ...සෙනෙහස හමුවේ සියළු භාධක ඉවසා දරාගත හැකි තැන ,මේ සංසාරික දිගු ගමනේ එක්ව සැරි සරණ තුරාවට අපේ ආදරය නොමැකේවී.....
මතු මතුවටත් එය එසේම වේවී!!!!!
No comments:
Post a Comment