රළ බිඳෙන යාමයේ
මතක පොත දිගහරිමි
අතැර නුඹ ගියානේ
තරු දිලෙන යාමයේ....
සැලිසැලී නිල් දියේ
මල් පෙතිත් පා වුනේ
නෙත් කැලුම් රහසේම
වෙනතක් බැලුවනේ....
විසිරි ගිය පිණි වැස්ස
සුවඳ තබමින් සුළඟ මත
රෝස මල් පෙත්තක
සිසිල විඳිමින් රහසේම....
ඇස් තෙමන කදුළක
උණුහුම නොදැනුනත්
සුසුම් ගිනියම් වූ විටක
රිදෙයි තනිකම හද පෙලන්...
ඉකිබිඳින හදවතේ
හීනය නුඹයි වුනේ
පාලුවේ දැවුන හදවතේ
ජිවය නුඹයි වුනේ.....
දුරස් වී ගෙවෙන මේ
තත්පරෙත් දිගුනම්
අතැරුනොතින් භවේ
හිදින්නේ කෙලෙස මං........
නිමාකර සරතැසම
වසන්තය රැගෙන ආයෙම
නිල් නුවන් ළඟ ඉන්න
රත්තරං ආයෙම එන්න.....
දැවටෙමින් නුඹේ ලඟ
මුදු හැඟුම් මෝදුවන
සුයාමය රඟදෙන්න
නිවෙන්නට ඇවැසි හිතකට.....
ℐℛ🤍ЅℋℐℳᎯ [ЅU]
No comments:
Post a Comment