ඉස්තරම් ආදරේ


 හිතේ අද්දර 

ලඟ තියාගෙන 

විඳින තරමක් ...ආදරේ


අදත් විඳවමි 

හිතුන තරමක්

නුඹත් නැතිමුත් ...ලඟ මගේ


මතක් කර කර 

නුඹ ගැනම මං

ලියන තරමක් ....පද අගේ


මැණික දැන්නෑ 

නේද ආලය 

අන්ධ බව... මේ හැටි ලොවේ


පාළුවී ගිය 

හදට එළියක් 

අරන් ආවොත් ...ආයේ දවසක්


නුඹට පමණයි 

එයත් හැක්කේ

තාම හිත... නුඹ ලඟ රැකන්


ප්‍රේමයේ රස 

තැන් සොයා ගිය 

අහඹු කාලය... ඉස්තරම්


බලන් ඉන්නවා 

අදත් තාමත් 

හුන්නු තැන හිත...ආදරෙන්



No comments:

Post a Comment