පණටත් දෙවනි සෙනෙහස නුඹහට දුන්නේ
කවදත් මගේ තනියට අභියස උන්නේ
හිතවත් කම්ද දුරගොස් හදවත් බිඳුනේ
සිතුවෙත් නොමැති විලසින් මගහැර යන්නේ
සුසුමක උනුහුමත් මං නුඹගෙන් වින්දේ
තැවුමක කතාවක් ඇයි අප හට බැන්දේ
අමතක කර කෙලෙස හද පැතුමන් සින්දේ
රිදුමක මතක පමණක් හිමි හදවත රැන්දේ
ඔබ වෙත බැඳුණු සිත කෙලෙසද හැර යන්නේ
නෙතු මත රැඳුණු බිඳු කදුළක දුක දන්නේ
වෙනතක බැලුම් කිම මෙලෙසින් හිමි වන්නේ
හිමි සඳ ඇයිද නුඹෙ සෙනෙහස මිය යන්නේ
No comments:
Post a Comment