හන්තාන කදු අස්සේ


 හන්තාන කදු අස්සේ ආදරේ තිබුණා

මහරෑක අපි ලියූ රස කතා තිබුණා

පින්සාර හිතක් ලඟ ප්‍රේමයක් තිබුණා

සංසාරේ තනි නොකළ සෙනෙහසක් තිබුණා


හිත්  අඟින් ගෙතු පෙම් මල් කිනිති මාලේ

නෙත්  කතාවෙන් හදවත් තවත් වෙලේ

කවි අස්සේ සෙනේ හංගා ගිලිකරපු බාලේ

බැරිවුණා හංගන්න පෙම කවර කාලේ


මත්වී නුඹට දුන් ආදරේ රසය දැනේ

රත්වී හැඟුම් නුඹ ලඟඳී බින්ඳ සෙනේ

තෙත්වී බර වුනා නෙත් නුඹව පෙනේ

සිත්වී එකළු වූ ප්‍රේමය එකක් හැගේ


 🖤 🤍 ℐℛᎾЅℋℐℳᎯ [ЅU] 🤍🖤

No comments:

Post a Comment