යන අයට යන්න දෙන්න

 


සැනසෙන්න කාරණා 

කොච්චර තිබුණත් 

අපි හොයන්නෙම ....

අපි නවතින්නෙම.....

රිදෙන දැවෙන තැනයි 


සැනසෙන්න කාරණා

කොච්චර තිබුණත් 

දුකට හුරුවුනම

හිත සතුටත් දකින්නේ

දුකක් වගේමයි....


හිතට ධෛර්යය ගන්න

දුකට යන්න දෙන්න

සතුට ලඟ නවතින්න....

තද කරලා අල්ල ගන්න

සතුටට ආයෙමත් 

පැනලා යන්න බැරි වෙන්න...

එතකොට ඔයාට 

දුක අමතක වේවී

No comments:

Post a Comment